බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ නොවැම්බරයේදී පාර්ලිමේන්තුවට


බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණ නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එසේම කැබිනට් අනුමැතිය අනුව ස්ථාපිත කරනු ලැබූ බලශක්ති ක්‍ෂේත්‍රෙය් සිදුකල යුතු ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීම වෙනුවෙන් වූ කමිටුවේ වාර්තව තමන් වෙත ලැබුණ බවත් අමාත්‍යවරයා පවසයි.

එම වාර්තාව ජනපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට කඩිනමින් ලබා දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles