බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කරනවා


බලශක්ති අංශයේ දැනට සිදුකරන ප්‍රතිසංස්කරණ කඩිනම් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.

එසේම ආර්ථික අර්බුදයේදී ජාතිය මෙහෙයවීම සහ රට ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක සහ නිර්භීත තීරණ ගැනීම සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ස්තූතිය  ප්‍රකාශ කරන බවද ඔහු පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් මූල්‍ය ආධාර ලබා ගැනීමට සම්බන්ධ වූ සහ සහාය වූ සැමට කෘතඥතාව ප්‍රකාශ කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles