බලපත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරා යවා වැඩ වරදා ගනියි


බල පත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ පුද්ගලයෙකු එම කැමරාවද සමග යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තෙලිප්පේ පොලිස් වසමේ දුර්ගා අම්මාන් කොවිල අසළදි තෙලිප්පේ පොලිස් ස්ථානයෙ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 33ක් වන දුර්ගාපුරම් තෙලිප්පේපේ පදිංචිකරුවෙකි. තෙලිප්පේ පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි



Recommended Articles