බලන්ගොඩ රෝහල් වල ⁣ඖෂධ හිගයක්


බලන්ගොඩ ප්‍රදේශයේ  ඇති රජයේ රෝහල්වල සහ රජයේ ප්‍රථමික සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වල මෙිි  දිනවල  උග්‍ර ඖෂධ හිගයක්  ඇති වි තිබෙන බව රෝගිි ජනතාව පවසති.

රජයේ රෝහල්වල නේවාසිකව සහ බාහිර අං⁣යෙන් ප්‍රතිකාර ලබා ගැනිමට යන තමන් මෙම ඖෂධ හිඟයත්  සමග  දැඩි අපහසුවයට පත්වෙන බව එම රෝගිි  ජනතාව පෙන්වා දෙති.මෙම තත්ත්වය  හේතුවෙන් තමන්ට ලබා දිය යුතු  ඖෂධ වර්ගවලින් වර්ග කිහිපයක් පමණක් රජයේ රෝහල්වලින් ලබා දෙන  බවත්  ඉතිරි ඖෂධ වර්ග විශාල මුදලක්  ගෙවා  පෞද්ගලික ඖෂධ සල්වලින් මිලදී ගැනිමට සිදු වෙන බවද රෝගි ජනතාව කියති.

මෙිි  අතර  නේවාසිකව  ප්‍රතිකාර ලබා ගැනිමට යන රෝගින්ට බලන්ගොඩ නගරයේ ඇතිබ බාහිර ඖෂධ සල් වලින්  ඖෂධ වර්ග කිහිපයක්ම රැගෙන ඒමට තුංඩු  ලබා  දෙන බවත්  ඒවා නේවාසිකව ප්‍රතිකාර ලබන රොිගියා වෙත  ගෙනවිත්දිමට තවතවත් අයෙකු අවශ්‍ය වන  බවද  රෝගිි  ජනතාව   පවසති.

මෙිි අතර බලන්ගොඩ  ප්‍රදේශයේ මෙිි  දිනවල වෛරස්  උන රෝගයක්  පැතිර යන බවත් එම උණ රෝගය  වැළදුණු  විශාල පිරිසක් රජයේ  සහ පෞද්ගලික රෝහල්වලට සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට පැමිණෙන බව සෞඛ්‍ය  අංශ  පවසති.

එම  උණරෝගය වැළදුණු  පුද්ගලයන්ට සති දෙකක කාලයක් එය ශරීර ගත වි තිබෙන බවත් යම් පුද්ගලයකුට උණ  රෝගිි තත්ත්වයක් ඇති  වුවහොත් වහාම රජයේ  ලියාපදිංචි වෛද්‍යවරයකු වෙත යොමු වෙන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දි සිටිති.

බලංගොඩ රෝහණ වසන්ත



Recommended Articles