බලන්ගොඩ නගර සභාවේ සභාපති මාලිමාවෙන්


බලන්ගොඩ නගරසභවෙි සභාපතිවරයා ලෙස  ජාතික ජනබල වේගයේ කේ. .ජි.ප්‍රේමදාස මහතා අද (24) තේරි පත් විය.

සභාපතිවරයා තොරා  පත්කර  ගැනිම සදහා සබරගමුව පළාත් පාලන කොමසාරිස් එල්.එමි.පි.ඩබ්ලිව්. බණ්ඩාර මහතාගේ  ප්‍රධානත්වයෙන් බලන්ගොඩ නගරසභවේදී පැවැති රහස් ඡන්ද විමසිමකදි ඒ මහතා ඡන්ද 08ක් ලබා ගෙන බලන්ගොඩ නගරසභාවේ සභාපතිවරයා ලෙස පත්විය.

2025  පලාත් පාලන මැතිවරණයෙන්ද බලන්ගොඩ නගරසභාව සදහා කිසිම දේශපාලන පක්ෂයකට සියයට පනහකට වැඩි බහුතර  බලයක් හිමිකර ගැනිමට නොහැකි වු අතර ඒ හේතුවෙන් සභාපතිවරයා පත්කර ගැනිම සදහා මෙලෙස පලාත් කොමසාරිස්වරයාගේ  ප්‍රධානත්වයෙන් ඡන්දයක් පැතිත්විණි.

ජාතික ජනබල වෙිගයේ කේ. .ජි.ප්‍රේමදාස මහතාට ඡන්ද  08 ක්  ලැබිණි. සමගි ජනබල වෙිගයේ  මඩුවන්වල විමලසේන  මහතාට ඡන්ද  06 ක් ලැබුණි.එක් ඡන්දයක් ප්‍රතික්ෂේප ව තිබුණ අතර එක් අයෙකු ඡන්ද දිමෙන්  වැලකි සිටියේය.

රාස්සගල සම්පත්

 



Recommended Articles