බලංගොඩ ගුරුවරියට ඇප


බලංගොඩ, කල්තොට බටකොළ ප්‍රදේශයේ වලවේ ගඟේ දිය නාමින් සිටියදී පෙරේදා දිනයේ දී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම පාසලේ ගුරුවරිය බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (01) ඇප මත මුදාහැර තිබේ. 

කල්තොට පොලිස් වසමේ තන්ජන්තැන්න විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරකම් භාර ගුරුවරිය එලෙස රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස බලංගොඩ මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.  

තන්ජන්තැන්න විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ අනුමැතියකින් තොරව එම විද්‍යාලයේ ළමුන් 15 දෙනෙක් සමග පෙරේදා දිනයේ දී වලවේ ගඟේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී 16 හැවිරිදි දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය.

 



Recommended Articles