බරපතල හානියක් වීමට පෙර රුසියා ගුවන් යානයේ ගැටලුව විසඳන්න


බරපතළ හානියක් වීමට පෙර, රුසියානු ගුවන් යානය ගැන ප්‍රශ්නය, බලධාරීන් විසින් වහා විසඳිය යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
" ශ්‍රී ලංකාවේ රදවාගෙන තිබෙන රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීම මෙරටබලධාරීන් කටයුතු කළ යුතුයි.
දෙරට අතර හා  ආර්ථික වශයෙන්ද විශාල හානියක් සිදුවීමට මත්තෙන් අවශ්‍ය පියවර ගැනීමට වහා  ක්‍රියා කළ යුතුයි. " යැයි ඔහු සඳහන් කළේය.

කැස්බෑව- ගොරකපිටිය ප්‍රදේශයේ අද (04දා) පැවති උත්සවයකින් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළේය.



Recommended Articles