බඹරු දෂ්ඨ කිරීම නිසා 66 හැවිරිදි අයෙකු මරුට


පූජාපිටිය  පොලිස් බල ප්‍රදේශයට අයත්  හේනේගම ප්‍රදේශයේදී  බඹරු දෂ්ඨ කිරීම  හේතුවෙන්  66 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි.

නිවසේ සිට  සිය වත්ත දෙසට යන අවස්ථාවේ  හදිසියේ ඇවිස්සුණු බඹරුන් මොහුට දෂ්ඨ කර ඇති අතර විෂ අධික වීම හේතුවෙන්  රෝහලට රැගෙන යන අවස්ථාවේදීම ඔහු මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ  එච්.ජී. ඉන්ද්‍රසිරි නැමැති 66 හැවිරිදි  අයෙකි. මෙම බඹර කූඩුවට උකුස්සකු හෝ  ඇනීම නිසා  බඹරුන් ඇවිස්සී  ඇති බව වාර්තා වෙයි. 

මොහොමඩ් ආශික්



Recommended Articles