බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14 දෙනෙකු රෝහලට


තේ දලු  නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද 1 දින එල්ල වු බඔර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 14 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බෝන් වතුයායේ ක්‍රෙවෙන්ටන් කොටසේ තේ දලු  නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකටයි අද දින මෙම බඔර ප්‍රහාරය එල්ල වි ඇත්තේ.

තේ වත්තේ ගසක් මැද බැද තිබු බඔර කූඩුවක බඔර වදය කඩා ගැනිමට උකුස්සෙකු පහර දීම නිසා ඇවිස්සුනු බඔරු තමන්ට ප්‍රහාර එල්ල කල බවයි බඔර ප්‍රමාරයෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ.

බඔර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතුකම්කරු කාන්තාවන්ගේ තත්ත්වය බරපතල නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

 

 

 



Recommended Articles