බම්බලපිටියේ චීන සූදු පොළක් වටලයි


කොල්ලුපිටිය හා බම්බලපිටිය පොලීසි ඒකාබද්ධව කළ මෙහෙයුමකදී නීති විරෝධී සූදු පොළක් වටලා තිබේ.

බම්බලපිටිය, නෝරීස්පාර ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය මෙම සූදු පොළේ සූදු ක්‍රීඩාවේ යෙදී සිටි චීන ජාතිකයන් 5ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර චීන ජාතික කාන්තාවක්ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

ඔවුන් සන්තකයේ තිබී ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1088500ක් හා යුවාන් 2600ක් නඩු භාණ්ඩ ලෙස ලබාගෙන තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.



Recommended Articles