බන්ධනාගාරගත රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අවසර


බන්ධනාගාරගත රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) සිට යළි අවසර හිමිව ඇ​ත. සිරකරුවන් සඳහා මාසයකට එක් වරක් අමුත්තන් හමුවීමට අවස්ථාව හිමි වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියි.

සැකකරුවන් සඳහා අමුත්තන් හමුවීමට සතියකට එක් වරක් අවස්ථාව ලබා දී තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය අගෝස්තු 07 වැනිදා සිට බන්ධනාගාරගත රැඳවියන්ට පිටතින් පැමිණෙන ඥාතීන් හමුවීමට අවස්ථාව ලබා නොදුන්නේ ය .

කෙසේවෙතත් හැකිතාක් දුරට E-visit ක්‍රමය හරහා අමුතන් බැලීම සිදු කරන්නැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.



Recommended Articles