බන්ධනාගාරගත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට නොකැඳවිමට තිරණයක්


කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බොරැල්ල බන්ධනාගාරය සහ මැගසින් බන්ධනාගාරය හරහා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මේ අනුව මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා තමිල් මක්කල් විඩිතලෙයි පුලිහල් පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැඳවිමට තිරණය කර තිබේ.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවකදී සෞඛ්‍ය රෙගුලාසියන්ට අනුව ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවිමට තිරණයක් ගෙන තිබේ.

 



Recommended Articles