බන්ධනාගාර රැඳවියන් සඳහා එන්නත් ලබාදිම ඇරඹේ


බන්ධනාගාර රැදවියන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දිම අද සිට කොළඹ බන්ධනාගාරවලින් ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක ප්‍රකාශ කළේය.

ඒ අනුව වැලිකඩ,මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවලදි රැදවියන් ඒන්නත්කරණ කටයුතු සිදු කරන බවයි ඔහු කියා සිටියේ.

ඉන් අනතුරුව සෙසු බන්ධනාගාර සදහාද එන්නත්කරණ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරිමට නියමිතය.



Recommended Articles