බන්ධනාගාර රැදවියෙකු සියදිවි නසා ගනියි


බදුල්ල බන්ධනාගාරය තුළදී  සිය කමිසයෙන් ගෙල වැළාගෙන සිටියදී   බන්ධනාගාර නිලධාරින් විසින් රැගෙන ගොස් බදුල්ල ‍මහ රෝහලට ඇතුලත් කර තිබු රැඳවියෙක් අද මියගොස් ඇතැයි  බදුල්ල පොලිසිය  පවසයි .

හෙරොයින් ලග තබාගැනීමේ චෝදනාවට ලක්ව බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගන තිබු මෙම සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමෙන්  පසු මහේස්ත්‍රාත් නියෝගය මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ .

එසේ සිටියදී  ගෙල වැළාගෙන ඇති බව විමර්ශන වලදි අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය .

පාලිත ආරියවංශ 



Recommended Articles