බන්ධනාගාර බස්රථයෙන් පැන්න කොවිඩ් රැඳවියා භාරවෙයි


බුස්ස බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කොවිඩ් ආසාදිත රැදවියන් පිරිසක් රැගෙන යාමේදි එම බස් රථයෙන් පළාගිය කොවිඩ් ආසාදිත රැදවියා අද නැවැත බන්ධනාගාරයට භාර වි තිබේ.

මෙම ආසාදිතයා බන්ධනාගාර බස් රථයෙන් පළාගියේ එම බස් රථයේ ජනෙල්වලට සවිකර තිබු යකඩ දැලත් ඉවත් කරමිනි.

මෙම ආසාදිත රැදවියා යළිත් ප්‍රතිකාර සඳහා අඟුණුකොළපැලැස්ස කොවිඩ් මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.



Recommended Articles