බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරින් දෙදෙනෙක් ජිවිතක්ෂයට


‍මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බව සඳහන්ය.

ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. බන්ධනාගාර රැඳවියන් 21 දෙනෙකු ද මියගොස් තිබෙන අතර  සමස්ත මරණ ගණන 31ක් දක්වා ඉහළ ගොස් ඇත.

 



Recommended Articles