බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්


බන්ධ­නා­ගාර පද්ධ­තියේ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනී­මට ගත යුතු ක්‍රියා­මාර්ග පිළි­බඳ සාක­ච්ඡා­වක් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ජනා­ධි­පති කාර්යා­ල­යේදී ඊයේ (20) පෙර­ව­රුවේ පැවැ­ත්විණි.

අදාළ අමා­ත්‍යාංශ නිල­ධා­රීන් සහ බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් එක්ව සිටි එම සාක­ච්ඡා­වේදී ඊට අදා­ළව ඔවුන් ඉදි­රි­පත් කළ යෝජනා සහ අද­හස් පිළි­බඳ දීර්ඝ ලෙස විමසා බැලිණි.

එමෙන්ම, බන්ධ­නා­ගාර පහ­සු­කම් පුළුල් කිරීම සහ ඒ වෙනු­වෙන් ගත හැකි විකල්ප ක්‍රියා­මර්ග පිළි­බ­ඳ­වද සාක­ච්ඡා­වට ලක් විය.

 



Recommended Articles