බන්ධනාගාර ආශ්‍රිත රෝගින් ගණන ඉහළට


බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගත් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ මේ වනවිට බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 437 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.

එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් කිහිපදෙනෙකු ද වන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

 



Recommended Articles