බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට


බන්ධනාගාර ආශ්‍රිතව මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 617 දෙනෙකු හඳුනාගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ දිනයේ කුරුවිට බන්ධනාගාරයෙන් නව ආසාදිතයින්15 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

ඔවුන්ගෙන් 13 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර දෙදෙනෙකු නිලධාරිනියන් බව සඳහන් වේ.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Recommended Articles