බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන 3,000 ඉක්මවයිි


බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන 3,000 සීමාව ඉක්මවා තිබෙනවා.

ඒ අද දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 120 දෙනා සමගයි.

ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආශ‍්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,087 කි.

එම පිරිසෙන් 2,414 දෙනෙකු පිරිමි රැඳවියන් වන අතර කාන්තා රැඳවියන් ගණන 189 ක් වනවා. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් 103 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

 



Recommended Articles