බන්ධනාගාර අධිකාරිවරුන් පිරිසකට ස්ථාන මාරු


බන්ධනාගාර අධිකාරිවරුන් 09 දෙනෙකුට, සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 06 දෙනෙකුට සහ වැඩ ආවරණ සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 09 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත. 

බන්ධනාගාර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. 

එලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇති නිලධාරීන් අතරට වැලිකඩ, මැගසින්, බෝගම්බර, බදුල්ල, වාරියපොළ, අගුණකොළපැලැස්ස සහ මීගමුව යන බන්ධනාගාරවල අධිකාරිවරුන් ලෙස කටයුතු කළ නිලධාරීන් ද ඇතුළත්. 

                            

 



Recommended Articles