බදුලුපිටිය කොවිඩ් ආසාදිතයින් ගණන 40ක් දක්වා ඉහළට


බදුල්ල නාගරික සීමාවේ පිහිටි බදුලුපිටිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් රෝගීන් 7 දෙනක් හමුවීමත් සමග මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද (21) වන විට  40 දක්වා ඉහළ නැග තිබේ.

දින තුනක් තිස්සේ  මෙහිදි පී.සී.ආර් පරික්ෂණ  පැවැත්වෙන අතර තුන්සීයකට අධික  පිරිසක් මේවන වන විට පී.සී. ආර්. පරික්ෂණයට ලක්කර ඇති බව බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි

තවත් වාර්තා ලැබීමට නියමිතව තිබෙන බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති .

පාලිත ආරියවංශ 



Recommended Articles