බදුල්ලේ රාජ්‍ය බැංකුවක හත්දෙනෙකුට කොවිඩ්


බදුල්ල මුතියංගන වෙහෙරට නුදුරින් පිහිටි රාජ්‍ය බැංකුවක සාමාජිකයන් 7 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව  බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

මේ අය  රාජකාරි කටයුත්තක් සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලයට ගොස් ඇති අතර  නැවත බදුල්ලට පැමිණ සිටියදී කොළඹ කාර්යාලයේ කීපදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී‍ මෙන් පසු  මොවුන් බදුල්ල මහරෝහලට ගොස් ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂාවට ලක්වීමේදී  ඔවුන්ටද  කොවිඩ් 19 ආසාදනය වී ඇතිබවත් තහවුරු වී  තිබේ   .

මේ නිසා එම බැංකුව  (19) දා තාවකාලිකව වසා දැමීමට  ම‍හජන සෞඛ්‍ය පරීක්ෂක වරු කටයුතු කළහ .

මෙම ආයතන දෙකේ සියළු කාර්යමණ්ඩල  පී.සී.ආර් පරික්ෂණ සදහා යොමුකර තිබේ .

කෙසේ නමුත්   එම පී.සී. ආර්. පරික්ෂණ වාර්තා ලැබෙන තෙක්  (20)  සිට  වෙනත් සේවකයන් යොදවා අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බව එම බැංකුවේ ඌව පළාත් මහ කළමණාකාර ඩී.ඒ.එස්.එස් .විමලසිරි මහතා පැවසීය .

පාලිත ආරියවංශ 



Recommended Articles