බදුල්ලේ බස් රථ අනතුරකින් 16 දෙනෙකු රෝහල්ගත කෙරේ


බදුල්ල සිට  මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (25) සවස 4.00 ට පමණ  දුන්හිද පහළ වංගුවේ මත්පැන්සැලක් ඉදිරියේදී වේල්ලක ගැටි සිදුවු අනතුරකින් එහි ගමන් ගත් මගීන් 16 දෙනෙකු තුවාල ලබා බදුල්ල  මහරෝහලට ඇතුලත් කර ඇත.

තුවාලකරුවන් අතර හිමිනමක් සහ කාන්තාවන් 4 දෙනෙක්ද සිටින බව බදුල්ල පොලිසිය පවසයි.

කාර්මික දෝෂයක් නිසා  බසය පාලනය කරගැනීමට නොහැකිවූ නිසා බසය පල්ලමට යාම වැලැක්වීම සදහා වේල්ල දෙසට ධාවනය කරවු බව රියදුරා පැවසීය .

බදුල්ලේ පාලිත ආරියවංශ 



Recommended Articles