දිට්වා සුලි කුනාටුවෙන් විනාශයට පත්වු උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට ගම්පල දක්වා කොටසේ හා හැටන් සිට නානුඔය දක්වා කොටසේ නවිකරන කටයුතු මේ වන විට කඩිනමින් සිදු කරමින් පවතින බව නානුඔය දුම්රිය දෙපාර්ථමේන්තුවේ ඉංජිනේරු අංශයේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නාවලපිටිය සිට ගම්පල දක්වා කොටසේ නවිකරන කටයුතු මේ වන විට සියයට 94ක් පමනද හැටන් සිය නානුඔය දක්වා කොටසේ නවිකරන කටයුතු සියයට 65ක් පමන නිමකර ඇති බවත්ය.
මෙම ප්රදේශයන්ට පසු ගිය දිනවලදි පැවති අයහපත් කාලගුණිය තත්වයන් මත මෙම දුම්රිය මාර්ගයේ නවිකරන කටයුතු යම් තරමින් පසු බැමකට ලක්වු බවත් එසේ නොවන්න මේ වන විට මෙම දුම්රිය මාර්ගයේ නවිකරන කටයුතු නිම කිරිමට ඉඩ තිබු බවත්ය.
කෙසේ වුවද මේ වන විට මෙම දුම්රිය මාර්ගයේ නවිකරන කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින බවත් බොහෝ විට මෙම වසර අවසානයට පෙර බදුල්ල සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය කරවිමට හැකිවනු ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
චන්ද්ර සෙල්ලහේවා හැටන්


