බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15ක් ඇතුළු 55කට කෝවිඩ්


බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15ක් ඇතුලු රෝහල් සෞඛ්‍ය කාර්ය මංඩලයේ 55කට කෝවිඩ් ආසාදිත වී ඇතැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී , රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (9දා) පැවසීය .

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ  සේවය කරන වෛද්‍යවරුන් නවදෙනාගෙන් වෛද්‍යවරු හයදෙනෙකුට කෝවිඩ් ආසාදිත වී ඇති බවත් ,හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනකුට , කනිෂ්ඨ කාර්ය මංඩලයේ එක් අයෙකුටද කෝවිඩ් ආසාදිත වී ඇතැයි හෙතෙම කීය .

මීට අමතරව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මෙන්ම ශල්‍යගාරයේ, වාට්ටු වල  සේවය කරන වෛද්‍යවරුන්ටද කෝවිඩ් ආසාදිත වී ඇති බවත් ,  රෝහලේ හෙද හෙදියන් ,කනිෂ්ඨ කාර්ය මංඩලයේ මෙන්ම සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්ටද කෝවිඩ් ආසාදිත වී තිබෙන බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය .

ඇල්ල ප්‍රසාද් රුක්මල් 



Recommended Articles