බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුව වසා දමයි


බදුල්ල මහ රෝහලේ  පිළිකා වාට්ටුවේ 31  දෙනෙක්  අද (5)උදේ ලැබුණ පී.සී.ආර් වාර්තාවලට අනුව කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ .

වෛද්‍යවරයෙක් , කාර්යමණ්ඩලයේ දෙදෙනෙක්  රෝගින් හා රෝගින් බලාගැනීමට සිටි 29 දෙනෙක් මෙසේ ආසාදිතයන් තිබේ.

මීට පෙර ඉකුත් 2 වනදා මේ වාට්ටුවේ හෙදියක්   ආසාදිතයෙන් බවට හදුනාගත් අතර තවත් හෙදියක් හා කනිෂ්ඨ සේවකයන් දෙදෙනෙක් හා රෝගයෙක් අසාදිතයන්  බව 4 වනදා හදුනාගනු ලැබීය.

මේ තත්වය මත සිදුකළ  පී.සී. ආර් පරික්ෂණ වලදී අද දින අලුතින් 29 දෙනෙක් මේ වාට්ටුවෙන් ආසාදිතයන් බව හදුනාගෙන තිබේ .

පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබේ .

රෝහල් කාර්ය මණ්ඩලයේ ආසාදිතයන් සියලු දෙනා  කොවිඩ්  මර්දන එන්නත ලබාගෙන සිටි අය බවද  දැනගන්නට ඇත.

පාලිත ආරියවංශ 



Recommended Articles