බදුල්ල මහ රෝහලේ කොවිඩි මරණ 50 ක්


කොවිඩ් 19 ආසාධිතයවී  බදුල්ල මහ රෝහලට ඇතුලත් වූ රෝගීන් 50 දෙනෙක් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට  ජුනිමස  6 වැනිදා දක්වා කාලය තුළ මියගොස් ඇතැයි රෝහල් වාර්තාවලින් අනාවරණය වෙයි .

පෙබරවාරි මාසයේ මරණ 01 යි, මාර්තු මාසයේ 06 යි, මැයි මාසයේ 36 යි. ජුනි මාසයේ  ඉකුත් දින තුළ   07 යි ලෙස මෙම මරණ වාර්තාවී තිබේ .

අප්‍රේල් මාසයේ එක මරණයක් වත් වාර්තා නොවූ අතර මැයි මාසේ වැඩිම මරණ සංඛ්‍යාවක්  වාර්තාවීම විශේෂත්වයකි .

බදුල්ල , බණ්ඩාරවෙල, හපුතලේ. දියතලාව , පස්සර , වැලිමඩ, ඌවපරණගම ,  මහියංගණය , රිදීමාලියද්ද , ලුනුගල ,හාලිඇල ,මහියංගණය  ,කන්දකැටිය ,හල්දුම්මුල්ල ,සොරණාතොට , ඇල්ල යන ප්‍ර දේශයන්හි පදිංචි කරුවන් මෙසේ මියගොස් තිබිණ .

බණ්ඩාරවෙල  , දියතලාව , හා වැලිමඩ රෝහල්වලදීද කොවිඩ් රෝගීන්  මියගිය නමුත් එම සංඛ්‍යාව  මීට ඇතුලත් නොවේ .

බදුල්ලේ පාලිත ආරියවංශ



Recommended Articles