බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් ආසාදිත රැදවියන් 24ක්


බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 19දෙනෙකු අද (4) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා වලින්  හදුනා ගනු ලැබූ බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .

මීට  දින කීපයකට පෙර බදුල්ල බන්ධනාගාරයේ රැදවියන් පිරිසකට සිදුකළ ඇන්ටජින් පරීක්ෂණයේදී කෝවිඩ් 19 ආසාදිත රැදවියන් පස්දෙනෙකු නොබෝදා හදුනාගත් බවද හෙතෙම කීය .

මේ අනුව දැනට බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 24 දෙනෙකු හමුවී තිබේ .

ඇල්ල ප්‍රසාද් රුක්මල්



Recommended Articles