බදුල්ල බන්ධනාගාරයේ කොවිඩ් පොකුර ඉහළට


බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් ආසාදිත නේවාසික රැදවියන් 45දෙනෙකු අද (6) වනවිට හමුවීඇතැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පැවසීය .

එම රැදවියන්ගේ පළමු ආශ්‍රීතයන් ලෙස හදුනාගත් බන්ධනාගාර නිලධාරීන් 46කුට පීසීආර් පරීක්ෂණ සිදුකළ බවද හෙතෙම කීය .

බදුල්ල බන්ධනාගාරයේ නේවාසික රැදවියන් කිහිපදෙනක්ගේ සහ නිළධාරින්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි පියල් පද්ම මහතා පැවසීය .

මෙම කෝවිඩ් 19 ආසාදිත බන්ධනාගාර රැදවියන් යාපනය අයියාකච්චී කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට බන්ධනාගාර නිලධාරින්ගේආරක්ෂාව , රැකවරණය යටතේ ගෙන යාමට කටයුතු කරන බව පවසන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා , බදුල්ල බන්ධනාගාරයේ නේවාසික කාන්තා රැදවියන් ඇතුලු සෙසු පිරිසගේ පීසීආර් පරීක්ෂණ කටයුතු සිදු කරන බවද සදහන් කළේය .

ඇල්ල ප්‍රසාද් රුක්මල් 

 

 



Recommended Articles