බදුල්ල බන්ධනාගාරයේ කොවිඩ් පොකුර ඉහළට


බදුල්ල බන්ධනාගාර රැඳවියන් 26 දෙනෙකුට  කොවිඩ් 19 අසාදනය වී ඇති බව  පී.සී.ආර් පරික්ෂණ වාර්තා අනුව අද (4) තහවුරු වූ බව  බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල්පද්ම මහතා පැවසීය. 

රැඳවියන් 61 දෙනෙකු පී.සී.ආර් පරික්ෂණයට යොමුකර ඇති අතර තවත් වාර්තාවන් ලැබීමට තිබෙන බවද ඔහු අවධාරණය කළේය .

පාලිත ආරියවංශ 



Recommended Articles