බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් වැඩිවිමේ අවදානමක


බදුල්ල දිස්ත්‍රික්කයේ  කොවිඩ් 19 අසාදිතයන්ගේ වැඩි වීමක් ඉකුත් සතිය තුළ ( ජනවාරි 28- පෙබරවාරි 02) පෙන්නුම් කර ඇතැයි  කොවිඩ් පැතිරීම වැළැක්වීමේ  බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාන්විතය පෙන්වා දෙයි .

මෙම කාලය තුල අළුතින් තහවුරු කරගත්  ආසාදිතයන් සංඛ්‍යාව  63  දෙනෙකි .

මහියංගණය හෝටලයකදී මංගල උත්සවයකට සහභාගිවූ 14 දෙනෙක් ,  මහියංගණය  ගැමුනුපුර ඇගළුම් කම්හලක සේවය කරන  37 දෙනෙක් , (වැලිමඩ ) හද්දාවල  දෙදෙනෙක්  බොරගස් පදිංචි  එක් අයෙක් , සහ   හෙවනකුඹුර පදිංචි එක් අයෙක් ,බණ්ඩාරවෙල  බදුල්ල මහරෝහලේ  ප්‍රතිකාර සදහා පැමිණි  බණ්ඩාරවෙල ලීසිං ආයතනය සේවකයන  04  දෙනෙක් ඇතුලු 8 දෙනෙක් මෙසේ ආසාදනයට ලක් වූවන්  පී.සී.ආර්. පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ .

පාලිත ආරියවංශ



Recommended Articles