බදුල්ල - බණ්ඩාරවෙල අතර බර වාහන ධාවනය නතර කරයි


බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය නාය යාමට ලක්විමත් සමඟ එම මාර්ගයේ බදුල්ල  බණ්ඩාරවෙල අතර බර වාහන ධාවනය අද (10) සිට  නතර කිරීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .

මේ සදහා විකල්ප මාර්ගය ලෙස හාලිඇල ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය හදුන්වා දී ඇති බවත් , එම මාර්ගය ඔස්සේ බර වාහන වලට බදුල්ල , බණ්ඩාරවෙල නගර වලට ලගා විය හැකි බවද හෙතෙම කීය .

දුර ගමන් සේවා බස්රථ ධාවනය සදහා ද මෙම විකල්ප මාර්ගය හදුන්වා දී ඇති අතර , බදුල්ල  බණ්ඩාරවෙල මාර්ගය සැහැල්ලු වාහන සදහා පමණක් විවෘත කරන බවද පවසන බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා  පවතින අධික වර්ෂාවත් සමඟ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය තව දුරටත් නාය යාමේ අවධානම් තත්ත්වය ක ඉරිතලා පුපුරා ගොස් තිබෙන බවත් පැවසීය .

බදුල්ල දිස්ත්‍රික් සම්බන්දීකරන කමිටු සභාපති  මේජර් ජනරාල් සුදර්ශන දෙනිපිටිය , බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන යන මහත්වරුන් රාජ්‍ය ආයතන වල නිළධාරින් සමඟ අද (10) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

ඇල්ල ප්‍රසාද් රුක්මාල්



Recommended Articles