බදු ප්‍රතිපත්තියට විරෝධය පා වරාය වෘත්තීය සමිති විරෝධයක


රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසලදී අද (23) පැවැත්විණි.

'හොරු රකින - බදු ගහන රනිල් රාජපක්ෂ පන්නමු', 'කරන්න පුළුවන් එකෙකුට දීලා පව් නොදී පලයල්ලා', 'තොපිට  සැප - අපිට බදු - වැඩබිම පාරට' ආදී පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ යෙදුණහ.

මෙම විරෝධතාවය පැවති ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් ද යොදා තිබෙනු දක්නට ලැබුණු අතර පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයන් ද එම ස්ථානයට කැඳවා තිබිණි.

 



Recommended Articles