බදු නොගෙවීම නිසා මෙන්ඩිස් හා රන්දෙණිගල මත්පැන් නිශ්පාදනය අත්හිටුවයි


හිඟ බදු ගෙවීමේ කොන්දේසි කඩ කිරීම නිසා ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ රන්දෙණිගල යන මත්පැන් නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට කටයුතු කළත්  දැනට නිෂ්පාදනය කළ මත් පැන් බෙදා හැරීමේ අවස්ථාව ලබා දී ඇත.
මෙම සමාගම් දෙක විසින් ගෙවීමට තිබෙන හිඟ බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අදාළ වැඩපිළිවෙළට අනුව හිඟ බදු ගෙවීම් කොන්දේසි කඩ කිරීම නිසා නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටු වීමට කටයුතු කර තිබේ.



Recommended Articles