බදියුදීන්ගේ නිවසේ සේවය කළ කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනී


රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන්නේ මීට පෙර එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු 21 හැවිරිදි කාන්තාවක් හා 32 හැවිරිදි කාන්තාවකගෙන්.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය නිලධාරීන් කණ්ඩායම් දෙකක් ලෙස මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles