බදියුදින්ගේ බිරිඳ ඇතුළු සිවුදෙනා යළි රිමාන්ඩ්


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිවුදෙනෙකු ඉදිරිපත් කළ ඇප ඉල්ලුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අනතුරුව ඔවුන් සිව්දෙනාව අගෝස්තු 23 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති තරුණියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ව පසුගිය දා අත්අඩංගුවට ගැණුනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ ඒ මහතාගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සහෝදරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු ය.

ඒ අනුව එම සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

 



Recommended Articles