බණ්ඩාරවෙල නගරය වැස්සෙන් යටවෙයි


පැවති ධාරානිපාත වර්ෂාව සමඟ අද 15 දහවල් බණ්ඩාරවෙල වන නගරය ජලයෙන් යට වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

මේ හේතුවෙන් බණ්ඩාරවෙල පන්සල ඉදිරිපිටින් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබූ බව පොලීසිය කියයි. අඩි  හතරක පමණ මාර්ගය  ජලය පිරී ගොස් තිබූ බව ද පොලීසිය  කියයි. 

වැසි ජලය බැස නොයාම මීට හේතුවී තිබේ.ශිෂ්‍යත්ව විභාගය අවසන්ව නිවෙස් බලා යාමට පැමිණි සිසුන් හා දෙමව්පියන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්වූහ.

සමන් පාලිත නානායක්කාර



Recommended Articles