බණ්ඩාරවෙල තොග පොළ 10 වනදා විවෘත වෙයි


කොවිඩි අවදානම නිසා තාවකාලිකව වසා දැමූ බණ්ඩාරවෙල එළවළු තොග පොළ  මේ මස 10 වැනිදා  යළි ආරම්භ කරන බව බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක  නිශාන්ත රත්නායක මහතා පැවසීය .

මෙම තොගපොළෙන්  කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගැනීම  නිසා  ආරක්ෂිත පියවරක් ලෙස පොළ තාවකාලික වසා දමා ආශ්‍රිතයන් 166 දෙනෙක් හදුනාගෙන ඔවුන් දින 14 කාලයක් ස්වයං  නිරෝධායනයට ලක්කිරීමට  සෞඛ්‍ය බලධාරිහු කටයුතු කළහ .

ඔවුන්  සියලු දෙනා ආසාදිතයන් නොවන බව  පී.සී.ආර් පරීක්ෂණ වලින් තහවුරු වීම නිසා පොළ යළි විවෘත කිරීමට තීරණය කළ බව  බණ්ඩාරවෙල මහ නගර සභාවේ  ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක  ඩී.එම්.ඒ.ආර් . දිසානායක මහතා පැවසීය .

විවෘත කිරීමට පෙර පොළභූමිය විෂබීජානුහරණයට ලක් කළ බවත්  කොවිඩ් 19 සෞඛ්‍ය  උපදේශනයන් අනුව එම   නීති වලට අනුකූලව පොළ පවත්වාගෙන යාමට වෙළදුන් එකඟවූ බවත්  නගරාධිපතිවරයා පැවසීය . 



Recommended Articles