බණ්ඩාරගම පුද්ගලයන් 9000කට සයිනොෆාම් එන්නත ලබාදී අවසන්


බණ්ඩාරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 12ක පුද්ගලයන් නම දාහකට ආසන්න ප්‍රමාණයකට සයිනොෆාම්  එන්නත මේ වන විට  ලබාදී ඇතැයි  බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශිකා වක් පැවසුවාය.

එම  ග්‍රාම සේවා වසම් වලින් පුද්ගලයන් 50% කට සහ 75% ක ට  අතර ප්‍රමාණයකට  මෙම එන්නත ලබාදී ඇති බව  එම ප්‍රකාශිකාව කීය

රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන වල  සේවක සේවිකාවන් ඇතුළු අනෙකුත් පිරිස වෙත මෙම එන්නත ලබාදී ඇති බවත් ඉදිරියේදී එන්න ලැබෙන පරිදි  අනෙකුත් ග්‍රාම සේවා වසම් වල ජනතාවට ද එන්නත් කිරීමේ  වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය 

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ 



Recommended Articles