බණ්ඩාරගම කිසිදු පිරවුම්හලක පෙට්‍රල් නෑ


බණ්ඩාරගම කිසිදු ඉන්ධන පිරවුම් හලක  පෙට්‍රල් නොමැති වීම හේතුවෙන් පාරිභෝගිකයෝ  බණ්ඩාරගම නගරයේ හොරණ මාර්ගය ත්‍රීරෝද රථ යොදා ඊයේ (17දා) අවහිර කළහ. 

පැය දෙකකට ආසන්න කාලයක් මාර්ග අවහිර කර ඔවුන් රැඳී සිටියහ.පොලිසිය විසින් විකල්ප මාර්ග ඔස්සේ වාහන ඒ ඒ මාර්ග වලට යොමු කිරීමට පියවර ගත්හ.

එම අවස්ථාවේදී එම මාර්ගය හරහා පානදුර  දෙසට යාමට කුඩා වෑන් රථයක්  පදවාගෙන පැමිණි කාන්තාවක් වෑන් රථයෙන් බැස විත් මාර්ගය අවහිර කර සිටී සිටි පාරිභෝගිකයන්ට පරුෂ වචනයක් ද පවසමින් බැණ වැදුණහ.

එම අවස්ථාවේදී පොලීසිය   මැදිහත්ව එම කාන්තාව පිටත් කර හැරීමට  කටයුතු කිරීමත් සමඟම මාර්ගය අවහිර කර සිටි පිරිස ඇයට හූ හඩකින් සංග්‍රහ කළහ.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා  මාර්ගය අවහිර කරගෙන සිටි පිරිසට කරුණු පහදා දෙමින් ඉන්ධන පැමිණෙන දිනයක් පැවසීමට නොහැකි බවත්  මාර්ගය අවහිර කර තිබීම ඵල රහිත බවත් පවසමින් ඉන්ධන ලැබෙන දිනෙක ඔවුන්ට ප්‍රමුඛතාවය ලබා දීමට වාහන අංක ලබා දෙන ලෙස පැවසීමෙන් අනතුරුව පිරිස සිය වාහන ඉවත් කිරීමට පියවර ගත්හ.



Recommended Articles