බණ්ඩාරගම අටුලුගමින් තවත් කොරෝනා රෝගීන් 195 එකවර වාර්තා වෙයි


බණ්ඩාරගම  අටුලුගම ප්‍රදේශයෙන්  තවත්  කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර 20 රාත්‍රි වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය  නිලධාරි කාර්යාලයේ  අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි  සුධම්මා ලෙනෝරා මහත්මිය පැවසුවාය .

ඉකුත් දෙදිනක තුළ සිදුකළ  පි සි ආර් පරීක්ෂණ 630 න් එම ආසාදිතයන් පිරිස  වාර්තා  විය

ඒ සමගම  අටලුගම ආසාදිත රෝගීන් ගේ සංඛ්‍යාව 931 කි. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1080 දක්වා ඉහළ ගොස් ඇත .

පි සි ආර් පරීක්ෂණ සිදුකළ තවත් 180 දෙනෙකුගේ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි වෛද්‍යවරිය කීය

එම ආසාදිත රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමේ කටයුතු  සිදුකරන බවත්  අතිරේක සෞඛ්‍ය නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවාය

 



Recommended Articles