බඩු මිල ඉහළ දැමිම රජයේ අරමුණ නොවෙයි


බඩු මිල ඉහළ දැමීම රජයේ අරමුණ නොවන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

පවතින දුෂ්කර තත්ත්වයන් අවසන්වීමෙන් පසුව සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ද ඒ මහතා කියා සිටියේය.

ගාල්ල බද්දේගම ප්‍රදේශයේ තේ සමිති සදහා කෘෂි උපකරණ බෙදාදීමේ උත්සවයකට එක් වෙමිනුයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව කියා සිටියේ.

වැවිලි අමාත්‍යංශය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව එය සංවිධාන කර තිබුණි.

මේ වසරේ දී තේ අස්වැන්න කිලෝග්‍රෑම්  මිලියන 320 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. එය පසුගිය වසරට වඩා දළු කිලෝග්‍රෑම් මිලියන 40 ක වැඩි වීමකි.

 



Recommended Articles