බටුවත්තේ චාමරත් අරගෙන එයි


මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර, අසර්බයිජානයේ දී අත් අඩංගුවට ගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර ඔස්සේ 05/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි. 48 හැවිරිදි මොහු රාගම , බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු දිගු කළක් ඩුබායි හි සැගවී සිටි මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළා ගොස් සිටියදී මෙසේ අත් අඩංගුවට පත් වී තිබුණි .

එතැන් සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත රැගෙන ආ මොහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් 05/10 දින රාත්‍රී 10.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

බටුවත්තේ චාමර තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම, ගනේමුල්ල සංජීව ඝාතනය සදහා අවිය ලබා දීම ඇතුළු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ ගනනාවකට මෙන්ම මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු ද වේ .

මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බටුවත්තේ චාමර දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගියේය .



Recommended Articles