බංග්ලාදේ්‍ශ අගමැතිනිගෙන් අගමැති මහින්දට අඹ තෑග්ගක්


බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බංග්ලාදේශ අඹ තෑග්ගක් වශයෙන් යොමුකර තිබේ.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් මෙම අඹ අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී තිබේ.

මීට පෙර අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ඉන්දීය ජනපතිවරයා හා ඉන්දියාවේ මහ ඇමතිවරුන් පිරිසකට අඹ තෑගි වශයෙන් යොමුකර තිබුණි.

 



Recommended Articles