බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 6/26 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙකු පැවසුවේය .

මෙම ගුවන් මගීන් පිරිස බංග්ලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේ සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1190 දරන විශේෂ ගුවන් යානයෙන් 6/26 දින සවස 5.20 ට කටුනායක  ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි.


Recommended Articles