බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24දා) අලුයම ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම සහ ඔවුන් රැගෙන පැමිණි බඩුබාහිරාදිය ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු වීමට පෙර විෂබීජ හරණය කිරීමට ලක් කෙරුණි.

පසුව මෙම ගුවන් මමගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න සොයා බලන්නට ද කටුනායක ගුවන් තොටුපළේ පියවර ගුවන් තිබුණි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ යොදා ගෙන, මෙම ගුවන් මගීන් පිරිස, නීරෝධායන කටයුතු සඳහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණි.



Recommended Articles