පෞද්ගලිකව රටට ඩොලර් ගෙන අයටත් විදුලි වාහන බලපත්‍රයක්


විදේශ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණ අනුව විදුලි වාහන ආනයනය කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ඒ අනුව එම වාහන ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය මේ වසරේ අගෝස්තු මාසය දක්වා දීර්ඝ කර තිබේ. එසේම පෞද්ගලික මට්ටමින් මෙරටට ඩොලර් ගෙන එන වෙනත් පුද්ගලයින්ටද විදුලි වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේ යාන්ත්‍රණයක් සකස් කරන බවද ඔහු පැවසීය.

 විදේශ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණ අනුව බලපත්‍ර නිකුත් කිරීමේ කාලසීමාව පසුගිය වසරේ මැයි සිට දෙසැම්බර් 31 දක්වා සීමා කර තිබූ අතර එම කාලය අගෝස්තු දක්වා දීර්ඝ කිරීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත.



Recommended Articles