පෞද්ගලික බස්රථ සේවාවට කීර්තියක් ගෙනදුන් සරත් හා ඉන්දික


ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල  කුඩා ඉටි බෑගයක දමා  ලේන්සුවකින් ඔතා  වැටි තිබූ අයිතිකරුවෙකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන්භාණ්ඩ තොගයක් බස්රථයේ රියදුරු කොන්දොස්තරමහත්වරුන් විසින් අහුලාගෙන අද (2) ඌව පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර මහතා ට බාර දුන්හ .

මෙම ආදර්ශවත් සද් ක්‍රියාව සිදු කරනු ලැබූයේ බදුල්ල  ස්ප්‍රීංවැලි බැද්දේගම අතර ධාවනය වන  එන්.ඒ.6167 දරණ පෞද්ගලික බස්රථයේ රියදුරු වන සරත් හෙන්නායක , සහ කොන්දොස්තර එච්. එම් .ඉංදික යන මහත්වරුන් දෙදෙනා විසිනි .

මෙම පෞද්ගලික බස්රථය ස්ප්‍රීංවැලි  බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී එහි ගමන් ගත් අයකුගේ රන්භාණ්ඩ තොගයක් මෙසේ බස්රථය තුළ වැටෙන්නට ඇතැයි  ඔවුන් සදහන් කළේය .

බස්රථය  බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළ ට   අද (2) දහවල්  පැමිණි පසුව එහි ඉදිරි පාපුවරුව අසල බිම ඉටි බෑගයක දමා ලේන්සුවකින් ඔතා තිබූ  අයිතිකරුවෙකු නොමැති මෙම රන්භාණ්ඩ තොගය අහුලාගත් බස් රථයේ රියදුරු සරත්  හෙන්නායක ,කොන්දොස්තර එච් එම් .ඉංදික යන මහත්වරුන් දෙපළ මේ සම්බන්ධයෙන් ඌව පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ දිස්ත්‍රික් බස්රථ.අධීක්ෂක චාමින්ද ප්‍රියදර්ශන මහතා  දැනුවත් කර පසුව එම ලක්ෂ 50ක් පමණ වටිනා රන්භාණ්ඩ තොගය අයිතිකරුට සොයා දෙනලෙස පවසමින් ඌව පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර , මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරී
ආර් .එම්.එන්.ආර්.බංඩාර යන මහත්වරුන් ට බාර දුන්හ .

මෙම ආදර්ශවත් සද් ක්‍රියාව  මුලුමහත් පෞද්ගලික බස්රථ සේවාවට කීර්තිනාමයක් ගෙන දෙමි  සිදු කල බදුල්ල ස්ප්‍රීංවැලි බැද්දේගම  එන්.ඒ.6167  දරන පෞද්ගලික බස්රථයේ රියදුරු සරත් හෙන්නායක, කොන්දොස්තර එච්.එම්.ඉංදික යන මහත්වරුන්ට ස්තුති ය ප්‍රණාමය පුදකලහ. (IJ)

ප්‍රසාද් රුක්මල් 



Recommended Articles