පෝලිම්වලදී විශේෂ අවශ්‍යතා ඇති අයට ප්‍රමුඛත්වය දෙන්න


ඉන්ධන, ආහාර ද්‍රව්‍ය, සෞඛ්‍ය සේවා ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීමේදී විශේෂ අවශ්‍යතා ඇති අයට ප්‍රමුඛතාව ලබාදීමට රජයේ හා පෞද්ගලික අංශයේ ආයතනවලින් ඉල්ලා සිටින බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රටේ පවතින තත්ත්වය හමුවේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනිමේදී පෝලිම්වල අධික කාලයක් සිටීමට සිදුවීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට ලක්වන බවට වාර්තාවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා ලෙස ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. 



Recommended Articles